12th June 2024 21:47:18 Hours
නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් 2024 ජුනි මස 05 දින ලෙබනනයේ ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භටකණ්ඩායම් මූලස්ථානය වෙත නිල සංචාරයක් සඳහා පැමිණි අතර, එහිදී එම කණ්ඩායම මෙරට භටපිරිස් විසින් ලිංගික අපචාර සහ අපයෝජනයන්ගෙන් කාන්තාවන් සහ ළමුන් ආරක්‍ෂා කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ඇගයීමක් සිදු කරන ලදී.
ලෙබනනයේ ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩී.විතානගේ ආර්එස්පී විසින් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත කණ්ඩායම උණුසුම් ලෙස පිළිගනු ලැබීය. අනතුරුව, එම කණ්ඩායමේ නිලධාරීන් එක්සත් ජාතීන්ගේ ප්‍රමිතීන්ට අනුව ලිංගික හිංසනයන් සහ අපයෝජනයන් වැලැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් ඇගයීම් කටයුතු සිදු කරනු ලැබීය.