Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st August 2023 20:37:39 Hours

එක්සත් ජාතීන්ගේ නිලධාරි අබ්දුලායේ ටහර් ජිමී රොඩ්‍රිගු විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂතුමන් හමුවෙයි

එක්සත් ජාතීන්ගේ නිලධාරි අබ්දුලායේ ටහර් ජිමී රොඩ්‍රිගු (Abdoulaye Taher Jimmy Rodrigue) මහතා පසුගිය සඳුදා දින (අගෝස්තු මස 28) යුද්ධ හමුදා මූලස්ථානයේදී විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජී.එල්.එස්.ඩබ්ලිව්. ලියනගේ යූඑස්පී පීඑස්සී හමුවිය.

ජිමී රොද්‍රිගු මහතා සහ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂතුමන් අතර පැවැති සුහද හමුවේදී මාලි රාජ්‍ය වෙත නව භට කණ්ඩායමක් පිටත්කර යැවීමට පෙර මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩායමට පැවරෙන රාජකාරීන් සහ ඊට අදාළ ක්‍රමවේදයන් දැනුවත් කිරීම සබැඳිව සාකච්ඡා කරන ලදී.

තවද, එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා භටපිරිස් යෙදවීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලබාදෙන අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂතුමන් විසින් ජිමී රොද්‍රිගු මහතාට සිය ස්තූතිය පුදකරනු ලැබීය.

ජිමී රොද්‍රිගු මහතා ශ්‍රී ලංකා බලඇණියේ මෙහෙයුම් සම්බන්ධීකාරක නිලධාරි ලෙස ඉකුත් සෙනසුරාදා දින (අගෝස්තු මස 26) ශ්‍රී ලංකාවට සපැමිණි අතර, මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ රාජකාරීන් සඳහා පිටත්ව යන 5 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායම සමග දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.