Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th May 2024 15:50:54 Hours

උපදේශක නිලධාරීන් සඳහා ජාත්‍යන්තර මානුෂවාදී නීති සමාලෝචන වැඩසටහනක්

නීතිසේවා මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් 2024 මැයි මස 15 දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උපදේශක නිලධාරීන් සඳහා ජාත්‍යන්තර මානුෂවාදී නීතිය පිළිබඳ සමාලෝචන වැඩසටහනක් පවත්වන ලදී.

සන්නද්ධ හා ආරක්‍ෂක සේනා වැඩසටහන් උපදේශක චන්න ජයවර්ධන මහතා විසින් මෙහෙයවන ලද මෙම සමාලෝචන වැඩසටහන සඳහා ජාත්‍යන්තර රතු කුරුස කමිටුව නියෝජනය කරමින් නියෝජිතයින් සහ ජාත්‍යන්තර මානුෂවාදී නීති උපදේශක නිලධාරීන් 12 දෙනෙකු සහභාගී වූහ.

මෙම සමාලෝචන වැඩසටහන මගින් ජාත්‍යන්තර මානුෂවාදී නීති උපදේශක නිලධාරීන්ට ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ මාර්ගෝපදේශයන්ට අනුකූලව වර්තමාන සමාජය තුළ ‘හමුදාව නීතිය බලාත්මක කිරීමේ මෙහෙයුම්වල නිරත වීම’ පිළිබඳ දැනුම වැඩි දියුණු කර ගැනීමට හැකි වූහ. මෙම වැඩසටහනට සමගාමීව පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ සේවය කරන සංග්‍රාමික ඉංජිනේරු සෙසුනිලයන් 94 දෙනෙකු සඳහා තෙදින වැඩමුළුවක් ද පැවැත්විණි.