Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th September 2019 13:10:28 Hours

ඉබ්බන්කටුව ප්‍රදේශයේදී පැවති ධෛර්ය සම්පන්න පුහුණු මෙහෙයුමකදී ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනේ

මේ දිනවල ක්‍රියාත්මක කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් මෙහෙයුමක් අද (12) දින දඹුල්ල-කුරුණගල ප්‍රධාන මාර්ගය අසල ඉබ්බන්කටුව ජලාශ පරිශ්‍රයේදී ක්‍රියාත්මක කළ අතර එහිදී ත‍්‍රස්තවාදීන් විසින් සංචාරක මණ්ඩලයේ නිලධාරීන් කණ්ඩායමක් කප්පම් ගැනීම සඳහා රඳවාගෙන සිටි අවස්ථාවේ ඔවුන් මුදාගැනිම සඳහා පැය පහක පමණ කාළයක් තුළ ඉතා සූක්‍ෂම පුහුණු මෙහෙයුමක් දියත් කරන ලදී.

එම අවස්ථාවේදී ත්‍රස්තවාදීන් ලබාදී ඇති කාළය තුළ කප්පම් මුදල් නොගෙවන්නේ නම් රදවාගෙන සිටි ප්‍රාණ ඇපකරුවන්ට මරණීය තර්ජනයක් එල්ල විය හැකි බව ඔවුන් ප්‍රකාශ කර සිටියේය.

මෙම පුහුණු මෙහෙයුමේදී 3 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් කිමිදුම් සටන් ශිල්ප ක්‍රම පිළිබඳ දක්ෂ ශ්‍රී ලංකා නාවික හමුදාවේ හතරවන ජීවිතාරක්ෂක බලගනයේ සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්අයි - 17 හෙලිකොප්ටර් යානයේ සහාය ඇතිව රහසිගතව දූපත වෙත ලගාවී ත්‍රස්තවාදී කණ්ඩායමේ නායක රම්බෝ ඇතුළු 6 දෙනෙකුන්ට වෙඩි තබා ඝාතනය කිරීමෙන් අනතුරුව ප්‍රාණ ඇපකරුවන් සියළු දෙනා නිරුපද්‍රිතව බේරාගන්නා ලදී.

ඉන් අනතුරුව බේරාගත් එම සංචාරක මණ්ඩලයේ ප්‍රාණ ඇපකරුවන් වවුනියා වෙත ගුවන් මගින් රැගෙන ගියේය.

මෙම පුහුණු අභ්‍යාසය නැරඹීම සඳහා ‘දියකාවා යුද අභ්‍යාසය - 2019’ හි අභ්‍යාස අධ්‍යක්‍ෂ මෙන්ම මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ, නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කේ.ඒ. සමරසිරි, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති මෙන්ම විශේෂ මෙහෙයුම් නිලධාරී කර්නල් පී.ජී.පී.එස් රත්නායක, කමාන්ඩෝ බලසේනාවේ අභ්‍යාස අධ්‍යක්‍ෂ ලුතිනන් කර්නල් ටී.සී.එම්.ජි.එස්.ටී. කූරේ සහ 3 වන කමාන්ඩෝ බලකායේ අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වූහ. Nike footwear | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals