Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd February 2024 16:11:00 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - නැඟෙනහිර, භටපිරිස් සඳහා ‘මී මැසි පාලනය’ පිළිබඳ දේශනයක්

ඉදිරි නඩත්තු පෙදෙස - නැඟෙනහිර යටතේ රාජකාරි කරනු ලබන භටපිරිස් සඳහා ‘මී මැසි පාලනය’ යන තේමාව ඔස්සේ දේශනයක් මින්නේරිය, 3 ශ්‍රී ලංකා යුධෝපකරණ බලකා මූලස්ථානයේදී පසුගිය බදාදා (ජනවාරි මස 31) දින පවත්වන ලදී. මෙම දේශනයේ මූලික අරමුණ වූයේ මී මැසි පාලනය මගින් ලබාගත හැකි ප්‍රතිලාභ සහ ශිල්පීය ක්‍රම පිළිබඳව භටපිරිස් දැනුවත් කිරීමයි.

බිගු සම්පත් සුරකිමු සංවිධානයේ ටී.බී තඹවිට මහතා විසින් පවත්වන එම දේශනය සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 95 දෙනෙකු සහභාගී වූහ.