Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th July 2023 19:49:51 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස්හි සහභාගීත්වයෙන් ධර්ම දේශනාවක් පැවැත්වේ

ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස් පසුගිය අඟහරුවාදා (ජූලි මස 18) දින මින්නේරිය ප්‍රදේශයේ පිහිටි ඉංජිනේරු සේවා රෙජිමේන්තු පරිශ්‍රයේදී ධර්ම දේශනාමය වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.

රාජකීය පණ්ඩිත පූජ්‍ය බලංගොඩ රාධ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ධර්ම දේශනාවේදී යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික යහපැවැත්ම සහ මානසික සෞඛ්‍යය වැඩිදියුණු කිරීම පිළිබඳ දේශනා කරනු ලැබීය. ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත සංවිධානය කළ මෙම ධර්ම දේශනාව සඳහා එම මූලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත බලඇණිවල සේවයේ නියුතු භටපිරිස් ද සහභාගී වූහ.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.