Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd April 2024 16:31:22 Hours

ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අන්තර් ඒකක සරඹ තරඟාවලිය සාර්ථකව අවසන්

අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමණාකරණ සහ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීසී පිඑස්සී ගේ මඟපෙන්වීම මත ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ප්‍රථම අන්තර් ඒකක සරඹ තරඟාවලිය 2024 මාර්තු මස 14 සහ 15 දෙදින තුළ සාර්ථකව පැවැත්විණි. තරඟාවලියේ ප්‍රථම ස්ථානය 12 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුව දිනාගත් අතර දෙවන ස්ථානය 3 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවටත්, තෙවන ස්ථානය 4 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවටත් හිමිවිය. තරඟාවලියේ කැපීපෙනෙන දක්‍ෂතා දැක්වූ සාමාජිකයන් පහතින් දැක්වේ: • හොඳම අණදෙන්නා: 12 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කපිතන් ඒ.කේ.එන්. මියුෂාන් • හොඳම සරඹ උපදේශක: 12 (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ මාණ්ඩලික සැරයන් එම්.කේ.එන්. ඇල්ලාවල • හොඳම පුද්ගලික සරඹ හිමි සෙබළා: 3 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ඉංජිනේරු සෙබළ ජේ.කේ.එම්.එම්.වී.එස්. ජයසිංහ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායකතුමන් සහභාගී විය. එම අවස්ථාවට ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්ව සිටියහ.