Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd April 2024 10:02:19 Hours

ඉංජිනේරු සේවා බලකායේ නිලධාරින් වෙනුවෙන් ‘ඩයිනර්ස් ක්ලබ්’ රාත්‍රී භෝජන සංග්‍රහයක්

ඉංජිනේරු සේවා බලකාය වෙතින් 2024 මාර්තු මස 26 දින එම රෙජිමේන්තු නිලධාරී නිවස්නයේදී ‘ඩයිනර්ස් ක්ලබ්’ (diners’ club) රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණි.

මෙම අවස්ථාවට ආරාධිත කථිකාචාර්යවරයා වශයෙන් මේජර් ජෙනරල් ඒ.ඊ.ඩී. විජේන්ද්‍ර (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පි ආර්එස්පි වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී වූ අතර එතුමන් විසින් ‘Officering in Contemporary Sri Lanka’ තේමාව ඔස්සේ හරවත් දේශනයක් පැවැත්වීය.

දේශනය සමාප්තියේ, අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමණාකරණ සහ ඉංජිනේරු සේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී විසින් ආරාධිත කථිකාචාර්යවරයා වෙත විශේෂ ඇගයීම් සංකේතයක් පිරිනමන ලදී. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.