Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th August 2023 20:45:36 Hours

ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් 1 බලකායේ භටපිරිස් ‘දන්සැලක්’ පවත්වයි

1 බලකායේ බලකාධිපතිතුමන්ගේ උපදෙස් මත 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ටී.ඩබ්ලිව්.ජී. ඉහළගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී පීටීඑස්සී ගේ මඟපෙන්වීම මත 1 බලකාය යටතේ රාජකාරියෙහි නියුතු භටපිරිස් විසින් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් අනුරාධපුර, රුවන්වැලි මහා සෑය අභියස පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 01) දින ‘දන්සැලක්’ පවත්වන ලදී.

රුවන්වැලි මහා සෑය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් එහිදී කිරිබත් සහ තේ පැන් සංග්‍රහයක් සිදුකරනු ලැබීය.

58 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පවත්වන ලද මෙම දන්සැල සඳහා සැදැහවත් බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.

මෙම පුණ්‍ය කටයුත්ත සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.