Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ආරක්‍ෂක සේවා ස්කෝෂ් කිරුළ යුද්ධ හමුදා ක්‍රීඩකයින්ට

11 වන ආරක්‍ෂක සේවා ස්කෝෂ් තරඟාවලියේදී වයස අවුරුදු 35 ට වැඩි සහ අවුරුදු 50 ට වැඩි කාණ්ඩයන් වල ශූරතාවය සහ අනුශූරතාවයත්, අවුරුදු 45 ට වැඩි සහ ආධුනික කාණ්ඩයන් වල අනුශුරතාවයත් යුද්ධ හමුදා ක්‍රීඩකයින් දිනාගත්හ.  

මෙම තරඟාවලියේ වයස අවුරුදු 50 ට වැඩි කාණ්ඩය හැර අනෙකුත් සියලුම කේවල ඉසව් වල ජයග්‍රහණයන් යුද්ධ හමුදා ස්කොෂ් ක්‍රීඩකයෝ දිනාගත්හ. මීට අමතරව, කණ්ඩායම් ඉසව්වේ අනුශූරතාවය ද යුද්ධ හමුදා කණ්ඩායම දිනාගත්තේය.  

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලිය 2021 මාර්තු මස 09 සිට මාර්තු මස 13 දින දක්වා රත්මලාන පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා ස්කොෂ් පිිටියේදී පැවැත්විය.  

ගුවන් හමුදා ස්කෝෂ් ක්‍රීඩකයෙකු සමඟ විවෘත කාණ්ඩයේ අවසන් මහා තරඟයට තරඟ වැදුණු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.එස්.එල්.කේ. ඒකනායක එහි ශූරතාවය දිනාගත්තේය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් එස්.එ්. වීරසිංහ සහභාගී විය.  

කණ්ඩායම් කළමනාකරු කර්නල් ඩී.කේ.ආර්.එන් සිල්වා, සහකාර කණ්ඩායම් කළමනාකරු මෙන්ම ප්‍රධාන පුහුණුකරු ගිහාන් සුවාරිස් මහතා ද මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සහභාගී වූහ.  

තරඟාවලියේ ජයග්‍රහණ ලැබූ ක්‍රීඩකයින්ගේ නම් පහතින් දක්වා ඇත:

කර්නල් එච්.පී.ඩී. තිලකරත්න - ශ්‍රී ලංකා සංඥා බලකාය

කෝප්‍රල් කේ.ජී. ප්‍රභාත් - 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාව

කෝප්‍රල් ඩී.එම්.ආර්. දිසානායක - 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාව

කෝප්‍රල් ඩී.ඩී.එස්. වීරකෝන් - 3 වන ගජබා රෙජිමේන්තුව

කෝප්‍රල් යූ.ඩී.සී.සී. පියතිස්ස - 1 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව

ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.එච්. උදයංග - 3 වන ශ්‍රී ලංකා යුධෝපකරණ බලකාය

ලාන්ස් කෝප්‍රල් පී.ජී.එන්.ටී. බණ්ඩාර - 7 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව

ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.එස්.එල්.කේ. ඒකනායක - 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව

ලාන්ස් කෝප්‍රල් ඩී.ජී.එස්.පී. ජයසිංහ - 17 වන ගැමුණු හේවා බලකාය

සාමාන්‍ය සෙබල එස්.එන්. ඩැනියෙල් - 17 වන ගජබා රෙජිමේන්තුව

සාමාන්‍ය සෙබල ආර්.එම්.ඩබ්ලිව්. අමිල කුමාර - 11 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය affiliate tracking url | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth