Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th July 2023 16:38:48 Hours

ආරක්‍ෂක සේවා බැඩ්මින්ටන් තරඟාවලියේ ශූරතාවය දිනාගත් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් දින තුනක විනෝද චාරිකාවක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මාර්ගෝපදේශ මත 12 වන ආරක්‍ෂක සේවා බැඩ්මින්ටන් තරඟාවලිය - 2023 සඳහා සහභාගී වී එහි සමස්ථ ශූරතාවය දිනාගැනීමට සමත් වූ ක්‍රීඩකයින් ඇගයීමට ලක්කරමින් ජුනි මස 17 දින සිට 19 දින දක්වා තෙදින විනෝද චාරිකාවක් රැගෙන යන ලදී.

යුද්ධ හමුදා පිරිමි සහ කාන්තා බැඩ්මින්ටන් කණ්ඩායම් 2018 වසරෙන් පසුව ප්‍රථම වරට මෙවර ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල -2023 හි බැඩ්මින්ටන් තරඟාවලියේ සමස්ථ ශූරතාවය දිනාගැනීමට සමත්වූහ.

ක්‍රීඩකයින්ගේ ජයග්‍රහණයන් ඇගයිමට ලක්කරමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් යුද්ධ හමුදා බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දෛනික රාජකාරීන් වලින් බැහැරව තෙදින විනෝද චාරිකාවක් රැගෙන යන මෙන් ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා බැඩ්මින්ටන් කමිටුවේ සභාපති සහ 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් මෙම විනෝද චාරිකාව සංවිධානය කරනු ලැබූහ.

මෙහිදී, යුද්ධ හමුදා බැඩ්මින්ටන් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට අම්පාර ප්‍රදේශයේ ඓතිහාසික ස්ථාන සහ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථාන ගවේෂණය කිරීමටත් පාසිකුඩා, ආරුගම්බේ වෙරළ තීරයේ අසිරිය විඳගැනීමටත් අවස්ථාව හිමිවිය. එමෙන්ම, පොතුවිල් මුහුදුමහා විහාරය හා අම්පාර දීඝවාපි විහාරය වැඳපුදාගැනීමෙන් අනතුරුව මහනුවර ශ්‍රී දළඳා මාලිගාව ඇතුළු පුරාණ සිද්ධස්ථාන කිහිපයකට ගොස් ආශිර්වාද ලබාගත්හ.

නැඟෙනහිර ප්‍රදේශයේ සිදුකළ සංචාරයේදී ඔවුන් කාලතුවක්කු පුහුණු පාසල, 23 සහ 24 පාබල සේනාංක මූලස්ථානයන්හී ද සංචාරය කරනු ලැබූහ.