12th January 2023 19:00:33 Hours
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ආරක්‍ෂක සේවා පාපැදි ශූරතාව - 2023 පසුගිය ඉරිදා (08) දින කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රය අසලින් ආරම්භ කරන ලද අතර, එම තරඟාවලියෙහි සමස්ථ ශූරතාවය දිනාගැනීමට යුද්ධ හමුදා පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.
මෙම තරඟාවලියේදී දුර කිලෝමීටර් 145 පිරිමි අංශයේ ප්‍රථම සහ දෙවැනි ස්ථාන යුද්ධ හමුදා පාපැදි ක්‍රීඩකයින් හිමිකර ගත් අතර, දුර කිලෝමීටර් 65 කාන්තා අංශයේ දෙවැනි, පස්වැනි සහ අටවැනි ස්ථාන යුද්ධ හමුදා කාන්තා පාපැදි ක්‍රීඩිකාවන් විසින් හිමිකර ගන්නා ලදී.
යුද්ධ හමුදා පාපැදි කමිටුවේ සභාපති මේජර් ජෙනරල් රංජන් ජයසේකර ගේ මඟපෙන්වීම මත එම කමිටුවේ උප සභාපති කර්නල් මහේෂ් ගුණසේකර සහ යුද්ධ හමුදාවේ විශේෂ පුහුණුකරුවන් ගේ උපදෙස් සහ අධීක්‍ෂණය යටතේ පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය පුහුණුවීම් කටයුතු සිදු කර තිබිණි.
මෙම තරගාවලියේදී එම පා පැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලබාගත් ජයග්‍රහණයන් සහ අත්කරගත් ස්ථානයන් පහත පරිදි වේ:
කිලෝමීටර් 145 පිරිමි අංශය
1 වන ස්ථානය - කෝප්‍රල් එම්.ඒ.ඩී මැඩොන්සා - 2 වන (සෙව්) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය
දෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් එස්.එම්.එන්.පී තිසේරා - 2 වන (සෙව්) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය
කිලෝමීටර් 65 කාන්තා අංශය
දෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ආර්.එම් ප්‍රනාන්දු - 5 වන (සෙව්) ශ්‍රී ලංකා කාන්තා බලකාය
පස් වන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.ඒ සඳමිණි - 4 වන (සෙව්) ශ්‍රී ලංකා කාන්තා බලකාය