Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලියේ ශූරතාවය යුද්ධ හමුදාවට

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව ආශ්‍රිතව පසුගිය ඉරිදා (28) දින පැවැති 11 වන ආරක්‍ෂක සේවා තුන්ප්‍රයාම තරඟාවලියේ පිරිමි සහ කාන්තා අංශයේ ශූරතාවය හිමිකරගැනීමට යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත්වූහ.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරල් රංජන් ලමාහේවා ගේ සුරතින් ජයග්‍රාහකයින් වෙත කුසලාන සහ සහතිකපත් පිරිනැමීනි.

නාවික සහ ගුවන් හමුදාවන් සමඟ තියුණු තරඟයක නිරත වූ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරඟාවලියේ ආධිපත්‍යය තහවුරු කරගත්හ.

තරඟාවලියේ ප්‍රතිඵල පහත සඳහන් පරිදි වේ.

පිරිමි අංශයේ

පළමු ස්ථානය - සාමාන්‍ය සෙබළ ජි.ඒ.සී.එස්. වික්‍රමාරච්චි

දෙවන ස්ථානය - ලාන්ස් කෝප්‍රල් කේ.එස්. උදයංග

කාන්තා අංශය

පළමු ස්ථානය - කාන්තා සෙබල එච්.කේ.අයි.ටී. කුමාරි

දෙවන ස්ථානය - කාන්තා සෙබල පී.ජි.සී. ජිනදාරි Authentic Nike Sneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov