24th May 2023 22:56:56 Hours
ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල - 2023, රග්බි තරඟාවලිය මැයි මස 9 දින සිට 23 දින දක්වා රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවති දී අතර, එහිදී යුද්ධ හමුදා රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කැපී පෙනෙන දස්කම් දැක්වූහ.
ත්‍රිවිධ හමුදා පිරිමි සහ කාන්තා රග්බි කණ්ඩායම් මෙම ශූරතාවය සඳහා තරඟවැදුණු අතර, එහිදී යුද්ධ හමුදා කාන්තා රග්බි කණ්ඩායම තියුණු තරඟයකින් පසුව ලකුණු 12 – 00 ලෙස නාවික හමුදා කාන්තා රග්බි කණ්ඩායම පරදවමින් රන් පදක්කම දිනාගැනීමට සමත් වූහ. යුද්ධ හමුදා පිරිමි රග්බි කණ්ඩායම සහ නාවික හමුදා පිරිමි රග්බි කණ්ඩායම කණ්ඩායම අතර පැවති තියුණු තරඟයකින් පසුව ලකුණු 20 ට– 27 ක් ලෙස තරඟයේ අනු ශුරතාවය යුද්ධ හමුදාවට හිමිවිය.
කාන්තා අංශයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩී.සී.ටී. ලියනගේ සම්මානය හිමිකරගත්තාය.
අවසන් මහා තරඟයන් නැරඹීම සඳහා ක්‍රීඩා අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූහ.