Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th May 2023 23:15:59 Hours

ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල - 2023, පා පන්දු තරඟාවලියේ ශූරතාවය යුද්ධ හමුදාවට

ත්‍රිවිධ හමුදා පාපන්දු ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් ‘ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙල - 2023’ පසුගිය සඳුදා (22) දින තුරඟ තරඟ පිටියේදී පැවති අතර එහිදී පාපන්දු තරඟාවලියේ පිරිමි කාණ්ඩයේ අවසන් මිනිත්තු දහය තුළ ගෝල දෙකක් ලබාගනිමින් තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට යුද්ධ හමුදා පා පන්දු කණ්ඩායම සමත්වූහ.

තියුණු තරඟයකින් අනතුරුව නාවික හමුදා පා පන්දු කණ්ඩායමට එරෙහිව ශූරතාවය දිනාගැනීමට යුද්ධ හමුදා පා පන්දු කණ්ඩායම සමත්වූහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ කෝප්‍රල් එල්.සී.එස්.කේ. මෙන්ඩිස් සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ ලාන්ස් කෝප්‍රල් එම්.ඒ.ඒ. රහුමාන් තරඟාවලියේ වීරයන් බවට පත්විය.

තියුණු තරඟයක් පැවති අවසන් මහා තරඟයේදී 02 – 01 ක් ලෙස ගෝල වාර්ථා කරමින් යුද්ධ හමුදා පා පන්දු කණ්ඩායම තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට සමත්වූහ.

මෙම තරඟාවලියේ කාන්තා කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා පාපන්දු කණ්ඩායම දිනාගත් අතර අනුශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා පා පන්දු කණ්ඩායම දිනාගනු ලැබිණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී, යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් කේ.ඒ.යූ. කොඩිතුවක්කු ආර්එස්පී යූඑස්පී පීඑස්සී අයිජී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් රැසක් ද සහභාගී වූහ.