Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th January 2023 17:58:26 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් සම්බන්ධීකරණයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන පාබල සේනාංකයේ 541 වන පාබල බලසේනාවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් පාසල් බෑග් සහ පාසල් උපකරණ බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් පසුගිය සදුදා (09) දින 10 වන (සෙව්) ගැමුණු හේවා බලකා ගෘහස්ථ ක්‍රීඩාංගන පරිශ්‍රයේදී සංවිධානය කරන ලද අතර, එහිදී රුපියල් 3000.00 ක වටිනාකමකින් යුත් පාසල් බෑග් සහ පාසල් උපකරණ සහිත ඇසුරුම් කල්ලයාඩි ආර්.සී.ටී.එම් විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසුසිසුවියන් 26 දෙනෙකු අතර සහ නොච්චිකුලම් ආර්.සී.ටී.එම් විද්‍යාලයේ පාසල් සිසුසිසුවියන් 25 දෙනෙකු අතරේ බෙදාදෙනු ලැබීය.

මෙම පරිත්‍යාගයන් සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය වැලිකන්ද මහජන බැංකුව, ඩී.එස් ෆීලික්ස්, රුමේෂ් උබයසිරි සහ මයිකල් උබයසිරි මහත්වරුන් විසින් ලබාදුන් අතර, 541 වන පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් පැවැත්වූ මෙම ප්‍රජාසත්කාරක වැඩසටහන සඳහා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිතුමන්, පාසල් කාර්යය මණ්ඩලය සහ විද්‍යා අංශයේ සිසුන්ගේ සහයෝගයද හිමිවූහ.

54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ ගේ මඟපෙන්වීම යටතේ 541 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දසන්ත මුණසිංහ ගේ උපදෙස් මත 12 වන (සෙව්) ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඒ.ඒ.එස් අමරතුංග සහ 10 වන (සෙව්) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් ඩබ්ලිව්.ජී.එස් බණ්ඩාර එක්ව මෙම වැඩසටහන අධීක්‍ෂණය ලදී.

මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සහභාගී වූ අතර, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, එම පාසල් වල විදුහල්පතිවරුන් සහ පාසල් කාර්යය මණ්ඩලයේ පිරිසක්ද සහභාගී වූහ.