Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th June 2024 21:04:05 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි, පිහිණුම් තටාක පරිශ්‍රයේදී පැවැත් වූ මූලික පිහිණුම් හා ජීවිතාරක්ෂක පාඨමාලාව අංක 20 සාර්ථකව අවසන්

මූලික පිහිණුම් හා ජීවිතාරක්‍ෂක පාඨමාලා අංක 20 විසිරයාමේ උත්සවයක් අනුරාධපුර, රණසේවාපුර පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි පිහිණුම් තටාක පරිශ්‍රයේදී 2024 ජුනි මස 7 දින පැවැත්විය. විසිරයාමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස් හේවගේ ආර්ඩබ්ලිව්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහභාගි විය. මෙම විසිර යාමේ උත්සවයේ දී ජීවිතාරක්‍ෂක නිදර්ශණයක් සහ පාඨාමාලා සිසුන් විසින් වර්ණවත් පිහිණුම් සංදර්ශණයක්ද පැවැත් විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් පිරිමි සෙබළුන් 24 දෙනෙකු සහ එක් කාන්තා සෙබළියක් පාඨමාලාව සාර්ථකව නිමකර විසිරයන ලදී. පාබල සෙබළ එස්.ඩබ්ලිව්.ආර්.සී. කුමාර වේහැල්ල පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය දිනාගත්තේය.