Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd March 2024 12:46:50 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි, පළමු අංගම්පොර පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කරයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් සඳහා එම මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වනු ලැබූ ‘අංගම්පොර’ සටන් පුහුණු පාඨමාලාවේ පළමු කණ්ඩායම සඳහා සහභාගී වූ භටපිරිස් පසුගිය සඳුදා (මාර්තු මස 18) දින එම පුහුණුව සාර්ථකව අවසන් කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා අංගම්පොර කමිටුවේ අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ආත්මාරක්‍ෂක ශිල්පීය ක්‍රම, ශාරීරික ශක්තිය, දරාගැනීම, ධෛර්යය සහ ඉවසීම වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම ඉපැරණි සටන් කලා පාඨමාලාව පෙබරවාරි මස 19 දින භටපිරිස් 30 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ආරම්භ කරනු ලැබීය.

සමාප්ති දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහභාගී වූ අතර, එහිදී එතුමන් පාඨමාලාවේ ප්‍රධාන උපදේශක වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.

උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.