Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th April 2025 10:20:06 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මූලිකත්වයෙන් යාපනයේ දී සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවයක්

එළඹෙන සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මූලිකත්වයෙන් යාපනය ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා අලුත් අවුරුදු උත්සවයක් දොරේඅප්පා ක්‍රීඩාංගණයේදී 2025 අප්‍රේල් මස 06 දින සංවිධානය කරන ලදී.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ප්‍රදේශයේ විවිධ ජනකොටස් අතර, මිත්‍රත්වය, සංහිඳියාව සහ අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙම අවුරුදු උත්සවය පවත්වන ලදී. මෙම අවුරුදු උත්සවය රජය, යුද්ධ හමුදාව සහ සිවිල් වැසියන් අතර සහයෝගීතාවයේ වැදගත්කම ඉස්මතුකරමින් පැවැත්විණ. අවුරුදු ක්‍රීඩා සහ සංස්කෘතික අංග රැසකින් සමන්විත වූ අවුරුදු උත්සවය සියලු ජාතීන් අතර බැඳීම් ශක්තිමත් කිරීමේ සාම්ප්‍රදායික අංගයක් විය.

සංස්කෘතික වශයෙන් වැදගත්කමක් හා විවිධත්වයක් ඇති යාපනය නගරය කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කරන ලද මෙම අවුරුදු උත්සවය මඟින් රටේ සාමය සහ ජාතීන් අතර සමඟිය ප්‍රවර්ධනය කිරීම සඳහා යුද්ධ හමුදාවේ කැපවීම සහ දායකත්වය පිළිබිඹු කරයි. මෙම සංස්කෘතික උත්සවය මඟින් දමිළ සහ මුස්ලිම් ප්‍රජාවන් අතර, මිත්‍රත්වය සහ සමඟිය ගොඩනැගීමට මහගු අවස්ථාවක් හිමිවේ.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිත අමුත්තෙකු ලෙස යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් මහතා සහ යුද්ධ හමුදා සම්භාවනීය අමුත්තන් මෙන්ම සිවිල් ජනතාව ද සහභාගි වූහ.

55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.ජී.එස් ප්‍රනාන්දු USP Hdmc psc ගේ මඟපෙන්වීම යටතේ, එම සේනාංකයේ භටපිරිස් විසින් 2025 අප්‍රේල් මස 19 දින කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවයක් සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc සහභාගි විය.

55 පාබල සේනාංකය සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවයක් පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මූලිකත්වයෙන් යාපනයේ දී සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සවයක්