Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd June 2023 00:03:50 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් භටපිරිස් සඳහා ආත්මාරක්‍ෂක සටන් ක්‍රම පුහුණුවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකය විසින් එම සේනාංකය යටතේ ස්ථාපිත 8 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 23 විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 17 (සෙව්) ගජබා රෙජිමේන්තුව යන ඒකකයන්හි භටපිරිස් 32 දෙ‍ෙදනෙකු සඳහා පසුගිය අප්‍රේල් මස 24 දින සිට මැයි මස 30 දින දක්වා කාලය තුල ආත්මාරක්‍ෂක සටන් ක්‍රම පුහුණුවක් 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේ දී පවත්වනු ලැබූහ.

64 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ජාතික ‘මුයිතායි’ තේරීම් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත මෙම ආත්මාරක්‍ෂක සටන් ක්‍රම පුහුණු පාඨමාලාව ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ‘මුයිතායි’ කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් ජේ.එම්.එස්.ජී.බී ජයමහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහ යුද්ධ හමුදා ‘මුයිතායි’ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු කර්නල් පී.සී.සී පෙරේරා පීඑස්සී ගේ අධීක්ෂණය යටතේ දෙවන ලුතිනන් එම්.ඒ.ටී.ඩී මල්ලවගේ ඇතුළු උපදේශක කණ්ඩායමක් විසින් පාඨමාලාව පවත්වන ලදී.

64 පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් පාඨමාලාවේ සමාප්ති උත්සවයේ සහතිකපත් ප්‍රදානය කරන ලද අතර, එහිදී පාඨමාලාව සඳහා සහභාගී වූවන් ආත්මාරක්‍ෂක සටන් ක්‍රම සන්දර්ශනයක් ද ඉදිරිපත් කරනු ලැබූහ.