Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd June 2023 00:17:38 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් භටපිරිස් ප්‍රදේශයේ පාපන්දු ක්‍රීඩා තරඟාවලියක් පවත්වයි

ආරක්‍ෂක හමුදාවන් සහ පුදුකුඩිඉරිප්පු සිවිල් ජනතාව අතර සුහදතාවය සහ සංහිඳියාව වැඩි දියුණු කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය මැයි මස 27 (සෙනසුරාදා) දින ශාන්ත අන්තෝනි ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.

68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ලබා දුන් උපදෙස් මත 681 සහ 682 පාබල බලසේනා සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්ගේ සහාය ඇතිව මෙම ක්‍රීඩා තරඟාවලිය සාර්ථකව පැවැත්වීය.

පාපන්දු තරගාවලියට ක්‍රීඩා සමාජ 12ක් තරග වැදුණු අතර, පැවති මූලික වටයේ තරගවලින් ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජ කණ්ඩායම සහ පුතුකුඩිඉරිප්පු නැගෙනහිර සුපිරි රෑන්ක් පාපන්දු කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. එහිදී පුතුකුඩිඉරිප්පු නැගෙනහිර සුපිරි රෑන්ක් පාපන්දු කණ්ඩායම තම ප්‍රතිවාදී ශාන්ත අන්තෝනි ක්‍රීඩා සමාජයට එරෙහිව දඬුවම් පහර 6-4ක් ලෙස වාර්ථා කරමින් ශූරතාව හිමිකර ගත්හ.

උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරාල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහභාගී වූ අතර, එතුමන් විසින් ජයග්‍රාහකයන්ට සහ අනුශූරයන්ට හිමි සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කරන ලදී.

අවසන් මහා ක්‍රීඩා තරඟය නැරඹිම සඳහා 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 682 පාබල බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, ප්‍රදේශයේ පූජක පක්ෂය, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ ප්‍රදේශ වාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.