Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th November 2023 20:44:15 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම, සිවිල් සේවක මහතුන් වෙත වියළි සලාක ද්‍රව්‍ය පරිත්‍යාගයක්

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සහ ආර්ථික දුෂ්කරතාවන්ට ලක්ව සිටින ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ සේවයේ නියුතු නිළධාරීන් සහ සෙසුනිලයින්ගේ මුල්‍ය දායකත්වයෙන් එම මූලස්ථානයේ සේවය කරනු ලබන සිවිල් සේවක මහතුන් 10 දෙනෙකු වෙත රුපියල් 6000.00 වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී. එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (නොවැම්බර් මස 08) දින මෙම වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීම සිදුකරනු ලැබූහ.