01st June 2023 20:06:58 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ විසින් කරන ලද යෝජනාවකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම විසින් සංවිධානය කරන ලද ‘පාරිභෝගික අයිතිවාසිකම් සහ වගකීම්’ පිළිබඳ වැඩමුළුවක් ඉකුත් අඟහරුවාදා (මැයි 30) දින ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම වැඩමුළුව පාරිභෝගික කටයුතු අධිකාරියේ බදුල්ල විමර්ශන නිලධාරී එම්.එච්.එම් රිෆාජ් මහතා විසින් මෙහෙයවන ලදී. පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් සහ නිෂ්පාදකයින්ගේ වගකීම් පිළිබඳව කරුණු පැහැදිලි කළේය.
මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් සේවකයින් පිරිසක් සහභාගි වූහ.