Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th July 2024 18:08:19 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භට පිරිස් විසින් ලැව් ගිනි නිවා දමයි

දියතලාව කළුඅඹතැන්න ප්‍රදේශයේ හටගත් ලැව් ගින්නක් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භට පිරිස් විසින් 2024 ජූලි මස 25 දින නිවා දමන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජි.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජි ගේ මඟපෙන්වීම යටතේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් 4 දෙනෙක් සහ සෙසු නිලයන් 45 දෙනෙකු විසින් ලැව් ගින්න සාර්ථකව මැඩ පවත්වන ලදී.