26th September 2023 22:07:01 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම පැවති අවසන් පාලන පරීක්‍ෂණය සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සිකුරාදා (සැප්තැම්බර් 22) දින සහභාගී විය.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්. ඩබ්ලිව්. එච්. ආර්. ආර්. වී. එම්. එන්. ඩී. කේ. බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයු පීඑස්සී විසින් ප්‍රදාන දොරටුව අභියසදී සංචාරයේ නිරත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී පිළිගන්නා ලදී.
පාලන පරීක්‍ෂාවේ අවසන් වාර්තාව ලබා ගැනීමෙන් පසුව, ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ පාලනය වන ආයතන සම්බන්ධව මතුව ඇති ගැටලු සොයා බලන ලදී.
සංචාරය අවසානයේ දී යුද්ධ හමුදා මාණිඩලික ප්‍රධානි සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය. පසුව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම සමරු සටහන් පොතේ සමරු සටහනක්ද තැබීය.
මෙම සංචාරය සඳහා 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ඉදිරි නඩත්තු පෙදෙස - මධ්‍යම ආඥාපති මේජර් ජෙනරල් ඩී.එම්.පී.පී දසනායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.