Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th February 2024 17:33:55 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර, රාජකාරියෙහි නියුතු නිලධාරීන්ගේ නිල උසස්වීම් විභාගය සඳහා සංස්කරණ පාඨමාලාවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් 2024 වර්ෂයේ නිලධාරීන්ගේ නිල උසස්වීම් විභාගය ඉලක්ක කර ගනිමින් එම බලප්‍රදේශයේ රාජකාරියෙහි නියුතු නිලධාරීන් 48 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පෙබරවාරි මස 10 දින සිට 16 දින දක්වා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලස්ථාන පරිශ්‍රයේදී සංස්කරණ පාඨමාලාවක් පවත්වන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, මේජර් ජෙ‍නරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ උපදෙස් මත මෙම පාඨමාලාව සංවිධානය කරන ලද අතර, ඒ සඳහා සුදුසුකම්ලත් උපදේශකවරුන් පිරිසක් සහභාගී වූහ.