Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th February 2025 12:42:43 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් විසින් 2025 පෙබරවාරි මස 16 දින ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ‘අපගේ වෙරළ තීරයන් හා සමුද්‍ර ජීවීන් ආරක්‍ෂා කිරීම සහ පිරිසිදු, හරිත අනාගතයක් නිර්මාණය කිරීම!’ තේමාව ඔස්සේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc, 22, 23 සහ 24 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් සහ භටපිරිස්, සිවිල් සංවිධාන සාමාජිකයන් සහ සිවිල් වැසියන් රැසක් සහභාගි වූහ.