17th February 2025 08:08:26 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන USAWC psc ගේ මඟපෙන්වීම යටතේ පරිත්‍යාගශීලී මංගල පීරිස් මහතාගේ මූල්‍යමය දායකත්වය මත 3 ශ්‍රී ලංකා යුධෝපකරණ බලකායේ භටපිරිස් විසින් පැරකුම් ගම්මානයේ ප්‍රජාව වෙත පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් පානීය ජල සැපයුම් ව්‍යපෘතියක් 2025 පෙබරවාරි මස 11 දින ආරම්භ කරන ලදී.
3 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මෙම පානීය ජල සැපයුම් ව්‍යපෘතියේ ජල පිරිපහදු යන්ත්‍රය ස්ථාපනය කරන ලදී.
මෙම උත්සව අවස්ථාවට භඨකාර්ය සම්පාදක අණසක ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ඩබ්ලිව්.එම්.එස්.එන් විජේකෝන් ndc AATO, 3 ශ්‍රී ලංකා යුධෝපකරණ බලකායේ අණදෙන නිලධාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, සෙසුනිලයන්, ව්‍යාපෘතියේ පරිත්‍යාගශීලීන් සහ ප්‍රදේශවාසීන් සහභාගි වූහ.