Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th July 2023 21:32:47 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් විනෝද චාරිකාවක නිරතවෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් අතර සුහදත්වය හා සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පසුගිය සෙනසුරාදා (ජූලි මස 22) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් විනෝද චාරිකාවක නිරත විය.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම විනෝද චාරිකාවේදී ත්‍රිකුණාමලයේ සේරුවාවිල විහාරස්ථානය, ලංකාපටුන විහාරස්ථානය සහ කෝනේෂ්වරම් කෝවිල වෙත සංචාරය කළහ.

රාජකාරි කටයුතුවල නිරතවීමේදී ඇතිවන ආතතියෙන් හා රාජකාරි කටයුතුවල ඒකාකාරීභාවයෙන් මිදීම සහ භටපිරිස් අතර අවබෝධය හා සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ විනෝද චාරිකාව සඳහා නිලධාරීන් 4 දෙනෙකු සහ සෙසුනිලයන් 76 දෙනෙකු මෙන්ම සිවිල් සේවක මහතුන් 3 දෙනෙකු ද සහභාගී විය.