25th May 2024 13:19:23 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ සුරතින් 2024 මැයි මස 21 දින ගජසිංහපුර නව ළමා උද්‍යානය විවෘත කෙරිණි. 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 213 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් පී.එම්. ද සිල්වා ආර්එස්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය මත එම බලසේනාවේ භටපිරිස් විසින් මෙම ළමා උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.
මෙම වැඩසටහනට සමගාමීව, පාසල් දරු දැරියන් 20 දෙනෙකු වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමක් ද සිදුකෙරිණි.
මෙම පරිත්‍යාග වැඩසටහනෙන් අනතුරුව, ගජසිංහපුර සෙසුනිලයන් වෙනුවෙන් අභිනවයෙන් ඉදිකරනු ලැබූ නේවාසික ගොඩනැගිල්ල ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි විසින් විවෘත කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.