Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th September 2023 21:33:51 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, පානළුව බලඇණි පුහුණු පාසලේ නව ඉදිකිරීම්හි ප්‍රගතිය නිරීක්‍ෂණය කරයි

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී පානළුව බලඇණි පුහුණු පාසලේ සිදු කෙරෙන ඉදිකිරීම්හී වත්මන් තත්ත්වය නිරීක්‍ෂණය කිරීමේ අරමුණින් ඉකුත් සිකුරාදා (සැප් 22) දින පානළුව වෙඩිපිටියේ ක්ෂේත්‍ර සංචාරයක නිරත විය.

සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර බළඇණි පුහුණු පාසල සඳහා වෙන් කර ඇති නව ස්ථානය පරීක්‍ෂා කළ අතර එහිදි පුහුණුව, පරිපාලන පහසුකම්, නවාතැන් සහ පුහුණු මොඩියුල කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළේය.