Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th March 2023 23:45:33 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ගේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි ප්‍රමුඛ සිය පවුලේ සාමාජිකයන් විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ, මදුරන්කේනිකුලම් පාසලේ සහ කිරිමිච්චිඔඩෙයි පාසලේ සිසු සිසුවියන් වෙත දිවා ආහාර පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (24) දින ක්‍රියාත්මක කරනු ලැබීය.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව එම දිවා ආහාර පාර්සල් 200 පාසල් සිසු සිසුවියන් වෙත බෙදාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ කටයුතු සිදුකරනු ලැබූහ.

දිවා ආහාර පාර්සල් බෙදාදීමේ අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි, 23 වන පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සිවිල් සම්බන්ධීකරණ නිලධාරි සහ 6 වන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරිතුමන් ද සහභාගී වූහ.

එම පාසල්වල සිසු සිසුවියන් සතු ආර්ථික දුෂ්කරතා පිළිබඳ දැනුවත් වීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සිය පවුලේ සාමාජිකයන් සමඟ එක්ව මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.