Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ආරක්ෂක සේවා බිලියඩ් සහ ස්නූකර් තරඟාවලියේ ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

ආරක්ෂක සේවා බිලියඩ් සහ ස්නුකර් තරඟාවලිය - 2018 අවසන් තරඟය බ්‍රහස්පතින්දා (22) දින පනාගොඩ ගෘහස්ථ බිලියඩ් සහ ස්නුකර් ක්‍රීඩාගාරයේ දී පවත්වන ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා බිලියඩ් සහ ස්නුකර් සංගමය විසින් ඉසව් 7 ක් යටතේ සංවිධානය කළ මෙම තරඟාවලියේ අවසන් තරඟය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සුදුසුකම් ලැබූ අතර, එහිදි ආරක්ෂක සේවා බිලියඩ් සහ ස්නුකර් - 2018 ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හිමිකර ගනු ලැබීය.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ සහභාගි විය.

trace affiliate link | nike air force 1 shadow , eBay