01st January 2025 15:38:49 Hours
ගම්පොල, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානය වෙතින් 2024 දෙසැම්බර් මස 09 දින සිට දෙසැම්බර් මස 26 දින දක්වා කාලය තුළ එම පුහුණු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී උසස් ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලා අංක - 13 සහ උසස් ජීවිතාරක්ෂක පාඨමාලා අංක - 06 යන පාඨමාලාවන් පැවැත්වීය.
පාඨමාලාවන්හි සමාප්ති උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදා ආපදා ප්‍රතිචාර පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් ආර්.එම්.එච්.පී.කේ. රත්නායක විසින් සමාප්ති දේශනය සිදුකරමින් පාඨමාලාව සඳහා සහභාගී වූවන්ගේ කැපවීම සහ කාර්ය සාධනය ඇගයීමට ලක්කළේය.
මෙම පාඨමාලාවන් සඳහා නිලධාරින් 10 දෙනෙකු සහ සෙසුනිලයන් 191 දෙනෙකු සහභාගී වූහ.
පාඨමාලා ප්‍රථමයින් පහත පරිදි වේ.
• ශ්‍රී ලංකා පාබල හමුදාවේ කපිතන් ඩී.කේ.ඩී.එස්. නිරාජ් - උසස් ආපදා ප්‍රතිචාර පුහුණු පාඨමාලා අංක - 13.
• ගැමුණු හේවා බලකායේ කපිතන් ආර්.කේ.ඒ.එස්.එන්. රණසිංහ - උසස් ජීවිතාරක්ෂක පාඨමාලා අංක - 06.