Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd January 2023 00:16:51 Hours

ආධුනික පුහුණු පාඨමාලා අංක 97 සහ 98 සාර්ථකව අවසන්

ආධුනිකයන් බඳවා ගැනීමේ පුහුණු පාඨමාලා අංක 97 සහ අංක 98 සාර්ථකව නිමකරනු ලැබු ආධුනික සෙබළුන්ගේ විසිර යාමේ පෙළපාලිය ඉකුත් සෙනසුරාදා (07) දින පුත්තලම පුහුණු පාසලේදී පැවැති අතර, එම අවස්ථාව දැක බලා ගැනීම සඳහා අධුනික සෙබළුන්ගේ ඥාතීන් 3000කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සහභාගී වූ අතර, තවද එම අවස්ථාව සඳහා පුත්තලම ආධුනික පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් ජේ.ඩබ්ලිව්.එම්.එම්.බී ජයකොඩි, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ආධුනික සෙබළුන්ගේ ඥාතීන් විශාල පිරිසක් ද සහභාගි වූහ.

ආධුනික පුහුණු පාඨමාලාව සඳහා බඳවාගත් 538 දෙනෙකු සාර්ථකව පුහුණුව අවසන් කළ අතර, පුහුණු පාඨමාලාවේ ඔවුන් දැක්වූ කුසලතාවයන් පහතින් දැක්වේ.

ආධුනික පුහුණු පාඨමාලා අංක - 97

සෑම අතින්ම අතිශූර සෙබලා - ආධුනික සෙබල එච්.එම්.එච් සේමසිංහ - විජයබාහු පාබල රෙජිමේන්තුව

කුසලතා අනුපිළිවෙලින් පළමුවැන්න - ආධුනික සෙබල ජී.ඒ.පී.පී සේනාධීර - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව

හොඳම ශාරීරික යෝග්‍යතාවය හෙබි සෙබලා - ආධුනික සෙබල කේ.ඩබ්ලිව්.ජී.එල්.පී ගුණවර්ධන - ශ්‍රී ලංකා සංඥා බලකාය

ආධුනික පුහුණු පාඨමාලා අංක - 98

සෑම අතින්ම අතිශූර සෙබලා - ආධුනික සෙබල එස්.වයි මාකලන්දගේ - ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව

කුසලතා අනුපිළිවෙලින් ප්‍රථමයා - ආධුනික සෙබල ඩබ්ලිව්.ඩී.එස් නෙතුමිණ - ශ්‍රී ලංකා සංඥා බලකාය

හොඳම ශාරීරික යෝග්‍යතාවය හෙබි සෙබලා - ආධුනික සෙබල එච්.ඩබ්ලිව්.එස් රංගන - ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය