Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st April 2024 18:21:44 Hours

ආධුණික පුහුණු පාඨමාලා අංක-38, සාර්ථකව විසිර යයි

හේනානිගල, ආධුණික පුහුණු පාසල මගින් පවත්වනු ලැබූ ආධුණික පුහුණු පාඨමාලා අංක-38 හි විසිර යාමේ පෙළපාලිය පසුගිය සඳුදා (මාර්තු මස 29) දින එම පුහුණු පාසලේදී පැවැත්විණි. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහභාගී විය.

මාස හයක මූලික පුහුණු පාඨමාලාවක් සම්පූර්ණ කළ ආධුණික සෙනීන් 523 දෙනෙකු විසිර යාමෙන් පසුව අදාල රෙජිමේන්තුවලට අනුයුක්ත කර රෙජිමේන්තු වර්ණ ලබා ගන්නා ලදී. තූර්ය වාදන සහ ශාරීරික පුහුණු අභ්‍යාස සංදර්ශනයන් මගින් මෙම උත්සව අවස්ථාවට වඩාත් ආකර්ශණීය බවක් එක් කළේය.

පාඨමාලා කාලය තුළ ආධුනික සෙනීන්ගේ දක්‍ෂතා වෙනුවෙන් පහත සඳහන් විශේෂ සම්මාන පිරිනමන ලදී.

හොඳම වෙඩික්කරු - ආධුනික සෙබල ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී.කේ. මෙන්ඩිස්

හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබලා - ආධුනික සෙබල කේ.ඩී.එම්.එස්. ප්‍රේමනන්ද

සෑම අතින්ම අතිශූර සෙබලා - ආධුනික සෙබල සී.සී. මදනායක

පාඨමාලාවේ උපදේශකයින් සඳහා ඔවුන්ගේ සේවය අගයමින් පහත සඳහන් ඇගයීමේ සම්මාන ද ප්‍රදානය කරන ලදී.

හොඳම කණ්ඩභාර නිලධාරී - කපිතන් එච්.එල්.ඒ.ඒ.පී. ලියනාරච්චි (ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය)

හොඳම කණ්ඩභාර සැරයන් - සැරයන් කේ.ඒ.ටී. අසංක

හොඳම පෙළ අණ දෙන්නා - ලාන්ස් කෝප්‍රල් ටී.ඩබ්ලිව්.එස්.එම්. හේරත්

හොඳම ශාරීරික අභ්‍යාස පුහුණු උපදේශක: ලාන්ස් කෝප්‍රල් එන්.ඒ.එම්.යූ. අබේසුන්දර