Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th March 2023 19:29:45 Hours

අම්පාර සටන් පුහුණු පාසලේ පැවැති ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලාව - අංක 63’ සාර්ථකව අවසන්

අම්පාර සටන් පුහුණු පාසලේ ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලාව - අංක 63’ හැදෑරු සෙසු නිලයන් 197 දෙනෙකු වෙත ඉකුත් සෙනසුරාදා (මාර්තු 04) දින පැවති උත්සවයකදී සහතිකපත් ප්‍රදානය කරන ලදී.

අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් රුවන් මුනිපුර ගේ සුරතින් පාඨමාලා සඳහා සහභාගී වූවන් වෙත සහතිකපත් ප්‍රදානය කරනු ලැබු අතර, පසුව එතුමන් විසින් සමාප්ති දේශනය සිදුකරන ලදී. අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක විසින් පාඨමාලාවේ ප්‍රථම ස්ථානය හිමිකරගත් 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.කේ.ඩී බණ්ඩාර වෙත හිමි කුසලානය සහ සහතික පත පිරිනමන ලදී.