Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

31st January 2024 20:23:18 Hours

අම්පාර සටන් පුහුණු පාසලේ පැවති ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 71 සාර්ථකව අවසන්

අම්පාර සටන් පුහුණු පාසල මඟින් පැවැත්වූ ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 71, පසුගිය අඟහරුවාදා (ජනවාරි මස 30) දින සාර්ථකව අවසන් විය. යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් සෙසුනිලයින් 123 දෙනෙකු මෙම පාඨමාලාව සඳහා සහභාගී වූහ.

සහතිකපත් ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ආර්.එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් අවසන් දේශනය සිදුකරන ලදී. පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යාව ලෙස7 ශ්‍රී ලංකා කාන්තා බලකායේ කාන්තා සෙබල යූ.එච්.එස් ලියනගේ විසින් සහතිකපත් හිමිකර ගන්නා ලදී.

සහතිකපත් පිරිනැමීමේ උත්සව අවස්ථාවට අම්පාර සටන් පුහුණු පාසලේ අණදෙන නිලධාරීතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ උපදේශකවරුන් ද සහභාගී වූහ.