Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd February 2024 16:07:52 Hours

අම්පාර සටන් පුහුණු පාසල මගින් පවත්වනු ලැබූ ජ්‍යෙෂ්ඨ නායකත්ව සහ ප්‍රගමණ ප්‍රවර්ධන පාඨමාලා අංක - 49 සාර්ථකව අවසන්

අම්පාර සටන් පුහුණු පාසල මගින් පවත්වනු ලැබූ ‘ජ්‍යෙෂ්ඨ නායකත්ව සහ ප්‍රගමණ ප්‍රවර්ධන පාඨමාලා අංක - 49’ හි සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය බදාදා (ජනවාරි මස 31) දින එම පුහුණු පාසලේදී පැවැත්විණි.

මසක පමණ කාලයක් පැවති මෙම පාඨමාලාව සඳහා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 46 දෙනෙකු සහභාගී වූ අතර, පාඨමාලාවේ දක්‍ෂතම සෙබලා ලෙස ගජබා රෙජිමේන්තුවේ සැරයන් ආර්.ජී.ආර්.එන් හෙට්ටිආරච්චි සම්මානය හිමිකර ගත්හ.

මෙම පාඨමාලාව ජනවාරි මස 04 දින සිට 31 දින දක්වා පැවති අතර, සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී. ආර්. එන් හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යුඑස්පී සහභාගී වූහ.

සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ කාර්යය මණ්ඩලය ද සහභාගී වූහ.