19th August 2023 20:59:08 Hours
1992 වසරේදී අරාලිතුඩුවේදී දිවි පිදූ ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු අභීත රණවිරුවන්ගේ ගුණ සැමරුව වෙනුවෙන් අංගොඩ, ‘හිරුකිරණ’ සමාජ සත්කාරක පදනම විසින් මෙම වසරේදී 21 වන වරටත් සංවිධානය කරන ලද රුධිරය දන්දීමේ වැඩසටහනක් කොටිකාවත්ත, සෝමාදේවි බාලිකා විද්‍යාලයේදී පසුගිය ඉරිදා (අගෝස්තු මස 13) දින පවත්වන ලදී.
ධිරය දන්දීමේ වැඩසටහන සඳහා ආරක්ෂක සේනා ආඥාපති - බටහිරගේ උපදෙස් මත එම මූලස්ථානය යටතේ ඇති 14 පාබල සේනාංකයේ 144 පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 2(ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ 25 දෙනෙකුගෙන් යුත් හමුදා සාමාජිකයින් පිරිසක් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූහ.
රුධිරය පරිත්‍යාග කළ පිරිස වෙත සංවිධායක මණ්ඩලය විසින් සහතික පත් ප්රදානයක්ද සිදු කරන ලදී.