Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th January 2023 18:00:47 Hours

අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් දේශන මාලාවක්

අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් මෙම වසරේ පළමු දේශන මාලාව වශයෙන් ‘විගණන නිරීක්‍ෂණ අවම කිරීම’ යන මැයෙන් වූ හරවත් දේශනයක් අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂක මණ්ඩලයේ මේජර් ඩබ්ලිව්.ජී.ජේ.එම්.ඩී.එස් ජයසිංහ විසින් ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේදී පසුගිය බ්‍රහස්පතින්දා (12) දින නිලධාරීන් 12 දෙනෙකු සහ සෙසු නිලයින් 58 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර ගේ මඟපෙන්වීම යටතේ අභ්‍යන්තර විගණන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් මාලන් ද සොයිසා ගේ සමීප අධීක්‍ෂණය මත මෙම දේශන මාලාව සංවිධානය කර තිබුණි. 2022 වර්ෂය තුළ පවත්වනු ලැබූ මෙවැනි දේශනයන් තුලින් යුද්ධ හමුදාවේ අභ්‍යන්තර විගණන සබැදිව නිලධාරීන් 1330 දෙනෙකු සහ සෙසු නිලයින් 5169 දෙනෙකු වෙත දැනුම ලබා දෙන ලදී.