Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් සේනාංක වොලිබෝල් තරඟාවලිය සාර්ථකව නිමාවට

ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් තෝරාගැනීමේ අරමුණින් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සේනාංක වොලිබෝල් තරඟාවලියේ අවසන් තරඟ බ්‍රහස්පතින්දා ‍(26) දින මින්නේරිය, 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ක්‍රීඩාංගණයේ දි පැවැත්විණි.

එහිදි, අවසන් තරඟය සඳහා 24 වන සේනාංක වොලිබෝල් කණ්ඩායම සහ නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ වොලිබෝල් කණ්ඩායම තියුණු ලෙස තරඟ වැදුණු අතර තරඟාවලියේ ‍ශුරතාවය හිමිකරගැනීමට 24 වන සේනාංක කණ්ඩායම සමත් විය. මීට අමතරව, 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා වොලිබෝල් කණ්ඩායම පරාජයට පත් කරමින් ශුරතාවය හිමිකරගැනීමට 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා වොලිබෝල් කණ්ඩායම සමත් විය.

තරඟාවලියේ ජයග්‍රාහකයින් පහතින් දැක්වේ;

දක්‍ෂතම ක්‍රීඩකයා - සාමාන්‍ය සෙබළ එම්.එම්.ඊ. මුණසිංහ - 24 වන සේනාංකය

දක්‍ෂතම ක්‍රීඩිකාව - ලාන්ස් කෝප්‍රල් එස්.එම්.එම්.එම්. සමරකොන් - 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

දක්‍ෂතම ප්‍රහාරක ක්‍රීඩකයා සාමාන්‍ය සෙබළ ඩබ්ලිව්.කේ.කේ. නිශාන්ත - නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස

දක්‍ෂතම ප්‍රහාරක ක්‍රීඩිකාව කාන්තා සෙබළ බී.එච්.එම්. දිල්හානි - 5 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

දක්‍ෂතම පන්දු ඔසවන්නා (පිරිමි) මාණ්ඩලික සැරයන් ඩී.එම්.එල්. දිසානායක - 24 වන සේනාංකය

දක්‍ෂතම පන්දු ඔසවන්නා (කාන්තා) කාන්තා සෙබළ ඩී.එම්.එස්. දිසානායක - 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය

මෙම තරඟාවලියේ අවසන් තරඟ සහ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල සහභාගි වූ අතර, මෙම අවස්ථාවට සපැමිණි නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක, මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා, 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චුලා අබේනායක, යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් දීපාල් වන්නිආරච්චි සහ බලසේනාධිපතිවරුන් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. Sport media | Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth