Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

'අන්තර් සමාජ හොකී තරඟාවලිය’ මාතලේ ප්‍රදේශයේ දී පැවැත්විණි

හුලන්ගමුව ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ලද වාර්ෂික අන්තර් සමාජ හොකී තරඟාවලිය ජනවාරි මස 18 සහ 19 යන දිනයන්හි මාතලේ ‘එඩ්වඩ් උද්‍යාන’ හොකී ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම තරඟාවලියේ ‘ඒ’ කාණ්ඩයේ අනුශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පිරිමි හොකී ක්‍රීඩකයින් දිනාගැනීමට සමත් වූ අතර ‘විජයන්ස් ක්‍රීඩා සමාජය’ (Vijayans’ Club) පරාජය කරමින් ‘බී’ කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකා ක්‍රීඩකයින් විසින් ලකුණු 2ට 1ක් ලෙස හිමිකරගනු ලැබීය.

මේ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම පරාජයට පත් කරන ලද යුද්ධ හමුදා කාන්තා කණ්ඩායම ශුරතා කිරුල හිමිකරගත්හ.

ලාන්ස් බොම්බඩි කේ.එම්.ආර්.ඩී කුලතුංග, සාමාන්‍ය සෙබල වී.එම්.පී.එම් තිලකසිරි සහ සාමාන්‍ය සෙබල එල්.කේ.එස්.ඩී පෙරේරා අනුපිළිවෙලින් ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩවල සහ කාන්තා කාණ්ඩයන්හී දක්‍ෂතම ක්‍රීඩකයන් ලෙස තේරී සම්මාන ලැබුහ. Sports brands | New Balance 327 Moonbeam , Where To Buy , WS327KB , Air Jordan 1