Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු ‘ටයිකොන්ඩෝ’ තරඟාවලිය පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේදී පැවැත්වෙයි

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ‘ටයිකොන්ඩෝ’ තරගාවලියේ සමාප්ති උත්සවය සැප්තැම්බර් මස 24 දින පනාගොඩ යුද්ධ හමුදා ක්රීඩා සංකීර්ණයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

මෙම තරඟාවලියේ ශූරතාවය ශ්රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා ක්රීඩකයින් විසින් හිමිකරගත් අතර අනුශූරතාව සන්නද්ධ බුද්ධි බලකා ක්රීඩකයින් හිමිකරගන්නා ලදී.

තරඟාවලියේ ආධුනික අංශයේ ශූරතාවය දිනාගැනිමට ගැමුණු හේවා බලකා ක්රීඩකයින් සමත්වූ අතර, එහි අනුශුරතාවය ගජබා රෙජිමේන්තු කණ්ඩායම හිමිකරගනු ලැබිණි.

තරඟාවලියේ අවසන් මහා තරඟයේ සහ සම්මාන ප්රදානෝත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා වශයෙන් සපැමිණි යුද්ධ හමුදා නියෝජ්ය මාණ්ඩලික ප්රධානි මේජර් ජෙනරල් රසික ප්රනාන්දු, යුද්ධ හමුදා ‘ටයිකොන්ඩෝ’ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් කීර්ති කොස්තා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම තරඟාවලිය අවසානයේ, ප්රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් තරඟාවලියේ ජයග්රාහකයන්ට කුසලාන සහ සහතිකපත් ප්රදානය කරනු ලැබීය. best Running shoes | Men Nike Footwear