Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු මල්ලවපොර තරඟාවලිය - 2020 ශූරතාවය සිංහ රෙජිමේන්තු මල්ලවපොර ක්‍රීඩකයින්ට

යුද්ධ හමුදා මල්ලවපොර කමිටුව විසින් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු මල්ලවපොර තරඟාවලිය - 2020 ජනවාරි මස 7 සිට 9 දින දක්වා පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙම වසරේ තරගාවලියට රෙජිමේන්තු අටක මල්ලවපොර ක්‍රීඩකයින් තරඟ වැදුණි. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මල්ලවපොර ක්‍රීඩකයින් තම ප්‍රතිවාදීන්ට අති දුෂ්කර තරඟයක් ලබාදෙමින් තරඟාවලියේ ශූරයන් බවට පත්වූ අතර තරගාවලියේ අනුශූරතාවය ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට හිමිවිය.

යුද්ධ හමුදා මල්ලවපොර කමිටුවේ ආරාධනයකට අනුව සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ සහභාගි වූ අතර එතුමන් එහිදී කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කළහ. Running Sneakers Store | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf