Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු බැඩ්මින්ටන් ශූරතාවය නිමාවෙයි

වර්ෂ 2019 අන්තර් රෙජිමේන්තු බැඩ්මින්ටන් ශූරතාවලියේ අවසන් මහා තරඟය පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පසුගිය සිකුරාදා (17) දින පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකායේ අණදෙන නිලධාරී සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන මෙම බැඩ්මින්ටන් ශූරතා තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

මෙහි මූලික වටයේ තරඟ ජනවාරි මස 13 දින රෙජිමේන්තු 16 කදී පැවැත්වුණු අතර ඉකුත් සිකුරාදා (17) දින පැවත්වුණේ එහි සමාප්ති උත්සවයයි.

මෙම බැඩිමින්ටන් ශූරතා තරඟාවලිය වයස අවුරුදු 11 න් පහළ, පිරිමි, විවෘත තනි පිරිමි, විවෘත ද්විත්ව පිරිමි, තනි පිරිමි (වයස අවුරුදු 35 ට වැඩි), ද්විත්ව පිරිමි (වයස අවුරුදු 35 ට වැඩි), තනි පිරිමි (වයස අවුරුදු 40 ට වැඩි), ද්විත්ව පිරිමි (වයස අවුරුදු 40 ට වැඩි), තනි පිරිමි (වයස අවුරුදු 50 ට වැඩි), ද්විත්ව පිරිමි (වයස අවුරුදු 50 ට වැඩි), කාන්තා විවෘත ඒකල සහ කාන්තා විවෘත යුගල යන තරඟ ඉසව් යටතේ පැවැත්විණි.

විවෘත පිරිමි කාණ්ඩයේ බැඩ්මින්ටන් ශූරතාවලිය සහ ඊට අදාළ කුසලානය ශ්‍රී ලංකා යුධෝපකරණ බලකාය විසින් දිනාගන්නා ලද අතර මෙහි දෙවන ස්ථානය ගජබා රෙජිමේන්තුව විසින් ද තෙවන ස්ථානය විජයබාහු පාබල රෙජිමේන්තුව ද දිනාගනු ලැබිණි.

තරඟාවලියේ විවෘත කාන්තා කාණ්ඩයේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකාය විසින් දිනා ගත් අතර එහි දෙවන ස්ථානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායට හිමිවිය. එහි තෙවන ස්ථානය ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් දිනාගැනීමට සමත් විය.

එමෙන්ම, මෙම තරඟාවලියේ හොඳම ක්‍රීඩිකාවට හිමි සම්මානය ශ්‍රී ලංකා පොදු සේවා බලකායේ දෙවන ලුතිනන්වරියක වන එච්.එම්. අබේරත්න විසින් දිනාගන්නා ලද අතර හොඳම ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා යුධෝපකරණ බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.ඩී.එස්.එල් ප්‍රියරත්න විසින් දිනාගන්නා ලදී.

යුද්ධ හමුදා බැඩ්මින්ටන් කමිටුවේ සභාපති මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න මේ වසරේ ශූරතාව සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීම වෙනුවෙන් විශේෂ දායකත්වයක් දක්වා තිබිණි. එමෙන්ම ගැමුණු හේවා බලඇණියේ සැරයන් එච්.ඊ රුවන් පතිරණ සහ කෝප්‍රල් ඩබ්.එච්.එම් වීරසිංහ මෙම තරඟාවලියේ විශේෂ දස්කම් දක්වන ලද ක්‍රීඩකයන් වශයෙන් හඳුනාගෙන තිබිණි.

මෙම බැඩ්මින්ටන් තරඟාවලියේ අවසන් මහා තරඟය නැරඹීම වෙනුවෙන් සහභාගී වූ ජ්‍යෙෂ්ට නිලධාරීන් විසින් ජයග්‍රාහකයන් වෙත අදාළ කුසලාන හා සහතිකපත් බෙදාදීම සිදුකෙරිණි.

මෙම තරඟාවලිය නැරඹීම සඳහා ජ්‍යෙෂ්ට නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් සහභාගී වූහ. latest Nike Sneakers | jordan Release Dates