Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු බැඩ්මින්ටන් කුසලානය - 2018 ශ්‍රී ලංකා පාබල හමුදාවට හිමි වේ

අන්තර් රෙජිමේන්තු බැඩ්මින්ටන් තරඟාවලිය - 2018 අවසන් තරඟ සඳුදා (08) දින පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි.

යුද්ධ හමුදා බැඩ්මින්ටන් සංගමයේ සභාපති බ්‍රිගේඩියර් ඩි.ටි. ගමගේ ගේ ආරාධනයෙන් මෙහි ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සහභාගි විය.

මෙම බැඩ්මින්ටන් තරඟයේ පිරිමි අංශයේ ශුරතාවය ශ්‍රී ලංකා පාබල හමුදා ක්‍රීඩකයින් හිමිකරගත් අතර, අනුශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද්ධෝපකරණ බලකා ක්‍රීඩකයින් වෙත හිමිවිය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා ක්‍රීඩිකාවන් කාන්තා අංශයේ ශුරතාවය හිමිකරගත් අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා ක්‍රීඩිකාවන් වෙත අනුශූරතාවය හිමි කරගත්හ.

යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 11 ක් නියෝජනය කරමින් පිරිමි සහ කාන්තා කණ්ඩායම් සහභාගීත්වයෙන් තරඟ ඉසව් 13 ක් යටතේ මෙම තරඟාවලිය ජනවාරි මස 2 සිට 8 දක්වා දින 06 ක් පුරාවට පනාගොඩ ගෘහස්ථ බැඩ්මින්ටන් ක්‍රීඩාංගණයේ දී පවත්වනු ලැබීය.

latest Running | Women's Designer Sneakers - Luxury Shopping