Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd June 2023 00:15:11 Hours

අන්තර් රෙජිමේන්තු නවකයන්ගේ බොක්සිං තරඟාවලියේ ශූරතාවය විජයභාහු පාබල රෙජිමේන්තුවට

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ආධුනික බොක්සිං තරඟාවලිය මෙවරත් පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී මැයි මස 30 දින සිට ජූනි මස 02 දින දක්වා පැවැත්විණි. ඒ සඳහා පිරිමි බොක්සිං කණ්ඩායම් 11 ක් සහ කාන්තා බොක්සිං කණ්ඩායම් 02 සහභාගී වූහ.

විජයබාහු පාබල රෙජිමේන්තු බොක්සිං කණ්ඩායම පිරිමි අංශයේ රන් පදක්කම් 05ක්, රිදී පදක්කම් 01ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනා ගනිමින් තරඟාවලියේ ශූරතාව හිමිකර ගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා බොක්සිං කණ්ඩායම රන් පදක්කම් 03ක්, රිදී පදක්කම් 01 සහ ලෝකඩ පදක්කම් 01 ක් හිමිකර ගනිමින් අනු අනුශූරතාව දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු බොක්සිං කණ්ඩායම රන් පදක්කම් 02ක්, රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 03ක් ලබා ගනිමින් තෙවැනි ස්ථානය ද, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා බොක්සිං කණ්ඩායම් පිළිවෙලින් සිව්වන සහ පස්වන ස්ථාන හිමිකර ගන්නා ලදී.

ශ්‍රී ලංකා සංඥා බලකා කාන්තා බොක්සිං කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා බොක්සිං කණ්ඩායම කාන්තා අංශයේ රන් පදක්කම් 02 ක් සහ රිදී පදක්කම් 02 ක් ලබා ගනිමින් සම ශූරතාවය හිමිකර ගත්හ. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු බොක්සිං කණ්ඩායමේ රයිෆල් සෙබළ ආර්.එම් පුෂ්පකුමාර දක්‍ෂතම බොක්සිං ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත් අතර, සමස්ත තරඟාවලියේ දක්‍ෂතම පරාජිත ක්‍රීඩකයා ලෙස සාමාන්‍ය සෙබළ පී.ඩී.ආර් මධුභාෂණ සම්මාන ලැබීය.

අවසන් මහා තරඟය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත පදක්කම් සහ කුසලාන ප්‍රදානය කරන ලදී. උත්සව අවස්ථාව සඳහා බ්‍රිගේඩියර් ඊ.එම්.ජී.ඒ අඹන්පොල, රෙජිමේන්තු මධ්‍යස්ථානයන්හි මධ්‍යස්ථාන සේනාවිධායකවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, යුද්ධ හමුදා බොක්සිං කමිටු සාමාජිකයින්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ.