Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු තුන්ප්‍රයාම තරඟාවලිය චන්ද්‍රිකා වැව් තාවුල්ලේදී

4 වන වරටත් පැවැති අන්තර් රෙජිමේන්තු තුන්ප්‍රයාම තරඟාවලිය (කාන්තා/පිරිමි) සැප්තැම්බර් මස 22 වන දින චන්ද්‍රිකා වැව් තාවුල්ල අසලදී පැවැත්විණි.

යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 15 ක් නියෝජනය කරමින් තරඟකරුවන් 80 දෙනෙකු පමණ මෙවර තරඟාවලිය සඳහා සහභාගි වූහ. ක්‍රීඩාලෝලීන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම තුන්ප්‍රයාම තරඟාවලිය මීටර් 750 ක් පිහිනීම, කිලෝමීටර් 20 ක් පාපැදි ධාවනය සහ කිලෝමීටර් 5 ක් දිවීම යන තරඟ ඉසව්වන්ගෙන් සමන්විත වූහ.

තවද, කාන්තා තරඟයට මීටර් 500 ක් පිහිනීම, කිලෝමීටර් 10 ක් පාපැදි ධාවනය සහ කිලෝමීටර් 5 ක් දිවීම යන තරඟ ඉසව්වන් ඇතුලත් විය.

තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මුලස්ථානයේ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් එච්.ආර්.කේ.පී. පීරිස් සහභාගී විය.

තරඟ ප්‍රතිඵල පහතින් දැක්වේ;

පිරිමි (ආධුනික)

සාමාන්‍ය සෙබල එස්.පී. අබේසිංහ - ශ්‍රීලවියාඉ

කෝප්‍රල් කේ.ජි.එල්. කරුණාරත්න - ශ්‍රීලයුසේබ

සාමාන්‍ය සෙබල කේ.එස්. රංගන - ශ්‍රීලපාහ

කාන්තා

සාමාන්‍ය සෙබල එච්.කේ.අයි.ටි. උදය කුමාරි - 4 ශ්‍රීලයුකාබ

සාමාන්‍ය සෙබල ඩබ්ලිව්.ජේ.ඒ.එස්.යු. ජයතුංග - 4 ශ්‍රීලයුකාබ

පිරිමි (විවෘත)

සාමාන්‍ය සෙබල ජි.ඒ.සී.එස්. වික්‍රමාආරච්චි

සාමාන්‍ය සෙබල කේ.එස්. උදයංග

ලාන්ස් කෝප්‍රල් ජේ.ඒ.එල්. පෙරේරා

කණ්ඩායම් ප්‍රතිඵල

ශූරතාවය - ශ්‍රීලවියාඉ

අනුශූරතාවය - ශ්‍රීලකාහ

තෙවන ස්ථානය - ශ්‍රීලපාහ bridge media | Air Jordan