Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු කැරම් ශුරතාවලිය - 2019 දී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 3 වන ශ්‍රී ලංකා කාන්තා බළකායේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දස්කම් දක්වයි

රෙජිමේන්තු දහහතරක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ‘අන්තර් රෙජිමේන්තු කැරම් ශුරතාවලිය - 2019’ ජූලි මස 23 සිට 26 දින දක්වා ශ්‍රී ලංකා සංඥා බළකා රෙජිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි සහභාගි විය.

තවද, මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අධ්‍යක්‍ෂක ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ, රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායකවරුන් සහ අදාළ රෙජිමේන්තුවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම සඳහා ක්‍රීඩාභාර නිලධාරීන් ද සහභාගි වූහ.

මෙම තරඟාවලියේ පිරිමි අංශයේ අවසන් මහා තරඟයේදී විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කැරම් කණ්ඩායම මෙම තරඟාවලියේ ශුරයන් බවට පත්වු අතර කාන්තා ඉසව්වේ ශුරතාවය 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය දිනාගනු ලැබූවේ 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය එම තරඟාවලියේ අනුශුරයන් බවට පත්කරමිනි.

මෙම තරඟාවලියේ පිරිමි අංශයේ සහ කාන්තා අංශයේ හොඳම ක්‍රීඩක ක්‍රීඩකාවන් ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බළකායේ සාමාන්‍ය සෙබළ පී.එල්.සී මධුෂංක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ කාන්තා සෙබළ එච්.ඒ.එස් සඳමාලි තේරීපත් වූ අතර හොඳම ප්‍රවීණයන්ගේ අංශයේ හොඳම ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බළකායේ කෝප්‍රල් කේ.ඩබ්.ඩි සුසන්ත සම්මාන හිමිකරගත්හ. spy offers | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf